භාවනා වැඩීමට පෙර ඔබ තුල තිබිය යුතු සුදුසුකම්
• නිදහස් චින්තනය
• මනස දියුනු කිරීමේ වටිනාකම ගැන තේරුම් කර ගැනීම
• ජීවිතය ගෙවීයාමට කලින් ප්‍රයොජනයක් ගත යුතු බවට මතයකට පැමිණ සිටීම
• සිත දියුනු කිරීමේ සියලු උපදෙස් බුදු දහමේ ඇති බවට පැහැදීම
සමත භාවනාවත් විදර්ශනා භාවනාවත් යනු ජීවිතාවබෝධයට වැදගත් වන භාවනා දෙකකි. සමත භාවනාව ප්‍රගුණ කිරීමෙන් සිතෙහි දියුනුව වර්ධනයවේ (සිතෙහි දුර්වලකම් නැතිවේ, සිත විසෙරෙන ගතිය නැතිවේ, ශක්තිමත් වේ, යමක් අවබෝධකර ගැනීමට සුදුසු අකාරයට සිත සකස් වේ ). විදර්ශනා භාවනාව දියුනු කිරීමෙන් ප්‍රඤ්ඥාව දියුනුවේ (යම් කිසි දෙයක ඇත්ත ස්වභාවය තේරුම් ගැනීමට හැකිවේ). මෙ භාවනා දෙකම එකිනෙකින් වෙන්කිරීම අපහසුය.
සමත භාවනාව
සමත භාවනාව වැඩීමෙන් පංච නීවරන ධරම යටපත් කොට, සිත තැම්පත් කොට, සමාධිය දියුනු කොට සිත දියුනු කිරීමට හැකිවේ.
පංච නීවරන ධර්ම
• කාමචන්ධය
තමන් අසා කරන රූප, ගන්ධ, ශබ්ද, රස හා ස්පර්ශ වලට සිත නිතර නිතර ඇලී යාම.
• ව්‍යාපද නීවරනය
ඉහත සදහන් කල සැප විදීම් මෙනෙහි කරමින් ඒතුල ගැටීම
• තීන මිත්ත
සිත දියුනු කිරීමට බැරි මට්ටමට තමන් අලස වීම
• උද්දච්ච කුක්කුච්ච
තමන්ගෙන් සිදුවුන අත්වැරදි ගැන මෙනෙහි කිරීමෙන් ශොක වෙමින් ධර්ම මර්ගයෙහි නොහැසිරීම
• විචිකිච්චා
තමන්ට ධර්ම මාරගයෙහි හැසිරීමට බැරිය යනුවෙන් ඇති වන්නාවූ සැකය (මෙය පසුබැසීමට හෙතුවේ).
මෙවැනි කරුනු සිතෙන් යටපත් කර සිත සමාදි ගත කිරීමේ හැකියාවක් සමත භාවනවට ඇත. මෙම සමාධි ගත වීම තුලින් පිලිවෙලින් පලමු, දෙවන, තෙවන හා සිවුවෙනි ධ්‍යාන ලබ ගත හැක.
විදර්ශනා භාවනාව
විදර්ශනා භාවනවෙන් යමක මූලික ලක්ෂණය හෙවත් අනිත්‍ය භාවය තෙරුම් කර ගැනීමට හැකිවේ. අනිත්‍ය, දුක්‍ය, අනාත්ම යන ලක්ෂණ ප්‍රගුණ කරමින් යමක් විනිවිද දැකීමේ හැකියාව ප්‍රඤ්ඥාව වේ. විදර්ශනාව යනු ප්‍රඤ්ඥාව ලබා ගැනීමට ඉහත හැකියාව දියුනු කිරීමයි.